ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 6:7 - Sinhala New Revised Version

දැන් ඉතින් අලුත් ගැලක් සාදාගෙන වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් වෙන් කර ගාලේ නවත්වන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දැන් ඉතින් අලුත් ගැලක් සාදාගෙන වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් වෙන් කර ගාලේ නවත්වන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉතින් දැන් අලුත් ගැළක් සාදාගන, වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු රැගෙන ගැළට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් අරන් ගෙයි නවත්වා,

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 6:7
5 හුවමාරු යොමු  

ඔව්හු හෙල මත පිහිටා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබා ගෙනාවෝ ය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උශ්ශා ද අහියෝ ද අලුත් රථය දක්කාගෙන ගියෝ ය.


ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබිනාදාබ්ගේ ගෙයින් අලුත් රථයක තබා ගෙනාවෝ ය. උශ්ශා ද අහියෝ ද ගැල දැක්කුවෝ ය.


“ස්වාමීන් වන මා පහත දක්වන ව්‍යවස්ථානුකූල නීතිය පණවා ඇති බැවින් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න. ‘ඔවුන් ලප හෝ කැළැල් හෝ නැති, වියගහ නොදැරූ රතු වැස්සියක නුඹ වෙත ගෙනා යුතු ය.


ඉන්පසු මළසිරුරට කිට්ටු ම නගරයේ ප්‍රජා මූලිකයන් වැඩ කිරීමට නොගත්, වියගස නොදැරූ එළ නෑම්බියක ගෙන,


කිසිවක් නොවපුළ, රෝපණය නොකළ, දිය ගලා යන මිටියාවතකට ගොස්, එම ස්ථානයේ දී ඇගේ ගෙල සිඳදැමිය යුතු ය.