එතුමාණන්ගේ බල මහිමය සහ තේජාලංකාර සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත් වීමට එතුමාණෝ ඉඩ හැරිය සේක.
1 සාමුවෙ 6:1 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබිණි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබිණි. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබුණේය. |
එතුමාණන්ගේ බල මහිමය සහ තේජාලංකාර සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත් වීමට එතුමාණෝ ඉඩ හැරිය සේක.
පිලිස්තිවරු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන එබෙන්-එශෙර්හි සිට අෂ්දොද් නගරයට එය ගෙනාවෝ ය.
පසු දා අලුයම අෂ්දොද්හි වැසියන් අවදි වූ විට, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට දාගොන් මුණින්තළා වී තිබෙනවා ඔව්හු දුටුහ. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහු කලින් තිබූ ස්ථානයෙහි ම තැබූ හ.
පිලිස්තිවරු පූජකයන් ද පේන කියන්නන් ද කැඳවා, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු ද? එය ස්වකීය ස්ථානයට කුමන දෙයක් සමඟ යැවිය යුතු ද කියා අපට දන්වන්නැ”යි කී හ.