ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 5:2 - Sinhala New Revised Version

ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව, රැගෙන දාගොන් දෙවියාගේ දේවාලයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව, රැගෙන දාගොන් දෙවියාගේ දේවාලයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ඒක දාගොන්ගේ ගෘහයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූහ.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 5:2
7 හුවමාරු යොමු  

ඔහුගේ ආයුධ ඔව්හු තමන්ගේ දෙවියන්ගේ ගෘහයෙහි තබා ඔහුගේ හිස දාගොන්ගේ ගෘහයෙහි එල්ලා තැබූ හ.


තවද, පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්නට පැමිණි කල, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ගිල්බොවා කන්දේ වැටී සිටිනු දුටුවෝ ය.


ඔහු බොමින් සිටිය දී, ඔහුගේ පියා වූ නෙබුකද්නෙශර් ජෙරුසලමේ දේව මාලිගාවෙන් කොල්ලකාගත් රන් රිදී භාජනවලින් තමා ද තමාගේ උත්තමයන් ද සිය භාර්යාවන් ද උපභාර්යාවන් ද බොන පිණිස ඒවා ගෙනෙන්නට අණ කෙළේ ය.


තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.


තමන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් වරදකරුවන් වන මොවුහු සුළඟ මෙන් ගසාගෙන ගොස් පහ ව යන්නෝ ය.”


ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි.


පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය.