ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
1 සාමුවෙ 28:18 - Sinhala New Revised Version උන් වහන්සේගේ බලවත් උදහස අනුව අමලෙක්වරුන්ට කළ යුතු දේ නොකර, උන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් උන් වහන්සේ අද දවසේ මේ දෙය කළ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේගේ බලවත් උදහස අනුව අමලෙක්වරුන්ට කළ යුතු දේ නොකර, උන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් උන් වහන්සේ අද දවසේ මේ දෙය කළ සේක. Sinhala Revised Old Version නුඹ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අමලෙක්වරුන් කෙරේ ඉෂ්ටනොකර උන්වහන්සේගේ හඬට අකීකරුවූ බැවින් උන්වහන්සේ අද දවසේ නුඹට මේ දෙය කළසේක. |
ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකිරීමෙන් උන් වහන්සේට විරුද්ධ ව කළ වරද නිසාත්, උන් වහන්සේගෙන් නොවිචාරා ආත්මබන්ධනකාරියකගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේ ය.
සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!
එබැවින් සාවුල් ඔවුන් අමතා, “දවන යාග පූජාව හා සහභාගිකමේ පූජා මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. සාවුල් දවන යාග පූජා ඔප්පු කෙළේ ය.
සාවුල් පිළිතුරු දෙමින්, “නැත, මම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, සමිඳාණන් වහන්සේ මා යැවූ ගමන ගොස් අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් ගෙනාවෙමි; අමලෙක්වරුන් ද සහමුලින් ම විනාශ කරදැමීමි.
සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.
එහෙත්, සාවුල් සහ සෙනඟ ආගග් ද බැටළුවන් හා ගවයන්ගෙනුත්, තර සතුන්ගෙනුත් ඉතා හොඳ සතුන් ද බැටළු පැටවුන් ද ප්‍රයෝජනවත් දේ සියල්ල ද විනාශ නොකර ඉතිරි කරගත්තෝ ය. ප්‍රයෝජනයක් නැති, නොවටින සියල්ල ම ඔව්හු විනාශ කර දැම්මෝ ය.