“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.
1 සාමුවෙ 26:4 - Sinhala New Revised Version ඔහු ඔත්තුකාරයන් යවා සාවුල් ඇත්තට ම ඇවිත් සිටින බව දැනගත්තේ ය. Sinhala New Revised Version 2018 ඔහු ඔත්තුකාරයන් යවා සාවුල් ඇත්තට ම ඇවිත් සිටින බව දැනගත්තේ ය. Sinhala Revised Old Version ඒ නිසා දාවිත් ඔත්තුකාරයන් යවා සාවුල් ඇවිත් සිටිනවා සැබෑ බව දැනගත්තේය. |
“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.
නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.
සාවුල් පාළුකරය ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේ ය. දාවිත් පාළුකරයේ සිටියේ ය. සාවුල් තමා සොයමින් පාළුකරයට ඇවිත් සිටින බව දාවිත්ට දැනගන්නට ලැබිණි,
එවිට දාවිත් පිටත් වී සාවුල් කූඩාරම් ගසාගෙන සිටි ස්ථානයට අවුත්, සාවුල් ද ඔහුගේ සෙන්පතියා වූ නේර්ගේ පුත් අබ්නේර් ද නිදා උන් ස්ථානය දුටුවේ ය. සාවුල් කඳවුර ඇතුළේ වැදහොත්තේ ය; සෙනඟ ඔහු වට කර කූඩාරම් ගසාගෙන සිටියහ.