මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.
1 සාමුවෙ 25:43 - Sinhala New Revised Version දාවිත් ජෙශ්‍රෙයෙල්හි අහිනොවම් ද සරණපාවාගෙන සිටියේ ය. ඈ ද අබිගායිල් ද යන දෙදෙනා ම ඔහුට භාර්යාවෝ වූ හ. Sinhala New Revised Version 2018 දාවිත් ජෙශ්‍රෙයෙල්හි අහිනොවම් ද සරණපාවාගෙන සිටියේ ය. ඈ ද අබිගායිල් ද යන දෙදෙනා ම ඔහුට භාර්යාවෝ වූ හ. Sinhala Revised Old Version දාවිත් යෙස්‍රෙයෙල්හි අහිනොවම්ද පාවාගත්තේය; ඔවුන් දෙදෙනාම ඔහුට භාර්යාවූවෝය. |
මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.
එවිට දාවිත් ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද එහි ගියහ.
හෙබ්‍රොන්හි දාවිත්ට පුත්‍රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය;
ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක් කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක.
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසා ය. එහෙත්, පටන් ගැන්මේ සිට එසේ නො වී ය”යි ඔවුන්ට වදාළ සේක.
දාවිත් සහ ඔහුගේ සෙනඟ ද ඔවුනොවුන්ගේ පවුල් ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාව ව සිටි කර්මෙලීය අබිගායිල් ද ආකීෂ් රජු සමඟ ගාත්හි විසූ හ.
මෙසේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී යන පිණිස අලුයම පිටත් වුණෝ ය. පිලිස්තිවරු ද ජෙශ්‍රෙයෙලයට ගියහ.
දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.