ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 23:28 - Sinhala New Revised Version

එබැවින් සාවුල් දාවිත් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා පැමිණ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටනට ගියේ ය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට වෙන් කිරීමේ පර්වතය යන අරුත ඇති සෙල-හම්මා-ලෙකොත් යන නම තැබූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබැවින් සාවුල් දාවිත් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා පැමිණ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටනට ගියේ ය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට වෙන් කිරීමේ පර්වතය යන අරුත ඇති සෙල-හම්මා-ලෙකොත් යන නම තැබූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් සාවුල් දාවිත් පස්සේ එළවාගනයාමෙන් හැරී ඇවිත් පිලිස්තිවරුන්ට විරුද්ධව ගියේය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට සෙල-හම්මාලෙකොත් යන නම තැබුවෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 23:28
6 හුවමාරු යොමු  

පක්ෂි වැද්දාගේ උගුලෙන් ගැළවී යන පක්ෂියෙකු මෙන් අපි මිදුණෙමු; උගුල බිඳී ගියේ ය. අපි ගැළවුණෙමු.


සාවුල් ද ඔහුගේ සෙනඟ ද ඔහු සොයන පිණිස ගියහ. ඒ බව දාවිත්ට දන්වනු ලැබූ බැවින් ඔහු පර්වතයට බැස අවුත් මායොන් පාළුකරයෙහි සිටියේ ය. සාවුල් ඒ බව අසා දාවිත් ලුහුබැඳ මායොන් පාළුකරයට ගියේ ය.


ඒ අතරතුරේ දී සාවුල් වෙත පණිවුඩකාරයෙක් පැමිණ, “ඉක්මනින් ආපසු අව මැනව; පිලිස්තිවරු අප රට ආක්‍රමණය කරති”යි කීවේ ය.


දාවිත් එතැනින් නික්ම ගොස් එන්ගෙදි බලකොටුවල සැඟවී සිටියේ ය.


සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ආපසු හැරී ආ කල, “දාවිත් එන්ගෙදියේ පාළුකරයේ සිටී ය”යි ඔහුට දන්වන ලද්දේ ය.


එවිට සාවුල් සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වතයේ නැගෙනහිරෙන් දාවිත් සහ ඔහුගේ සෙනඟ සොයන්නට ගියේ ය.