1 සාමුවෙ 22:11 - Sinhala New Revised Version එවිට රජ තෙමේ අහිතුබ්ගේ පුත්‍ර වූ අහිමෙලෙක් නම් පූජකයාට ද නොබ්හි සිටි ඔහුගේ ඥාති පූජකයන් සියල්ලන්ට ද අඬගස්වා පණිවුඩයක් යැව්වේ ය. ඔව්හු සියල්ලෝ රජු වෙත පැමිණියහ. Sinhala New Revised Version 2018 එවිට රජ තෙමේ අහිතුබ්ගේ පුත්‍ර වූ අහිමෙලෙක් නම් පූජකයාට ද නොබ්හි සිටි ඔහුගේ ඥාති පූජකයන් සියල්ලන්ට ද අඬගස්වා පණිවුඩයක් යැව්වේ ය. ඔව්හු සියල්ලෝ රජු වෙත පැමිණියහ. Sinhala Revised Old Version එවිට රජතෙමේ අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් නම් පූජකයාටද නොබ්හි සිටි පූජකයන් වන ඔහුගේ පිය වංශයේ සියල්ලන්ටද අඬගස්වා ඇරියේය. ඔවුන් සියල්ලෝ රජු ළඟට ආවෝය. |
දාවිත් නොබ්හි අහිමෙලෙක් නම් පූජකයා වෙත පැමිණියේ ය. අහිමෙලෙක් දාවිත් සමුවන්නට වෙවුලමින් අවුත්, “කිසිවෙකු ඔබ සමඟ නැතිව ඔබ මෙහි තනියම ආවේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.
දාවිත් කළ යුත්තේ කුමක් දැ යි අහිමෙලෙක් සමිඳාණන් වහන්සේගෙන් විමසා ඔහුට ආහාර දී, පිලිස්තිවරයා වූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේ ය”යි කීවේ ය.
එවිට සාවුල්, “අහිතුබ්ගේ පුත්‍රය, අසන්නැ”යි කී ය. ඔහු, “මාගේ ස්වාමීනි මම මෙහි ය”යි පිළිතුරු දුන්නේ ය.