ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 17:53 - Sinhala New Revised Version

ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් ලුහුබැඳ එලවා දමා, හැරී අවුත් ඔවුන්ගේ කඳවුරු කොල්ලකාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් ලුහුබැඳ එලවා දමා, හැරී අවුත් ඔවුන්ගේ කඳවුරු කොල්ලකාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිලිස්තිවරුන් පස්සේ එළවායාමෙන් හැරී ඇවිත් ඔවුන්ගේ කඳවුර කොල්ලකා ගත්තෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 17:53
7 හුවමාරු යොමු  

ඔහු නැඟිට තමාගේ අත හිරි වැටී, අත කඩුවට ඇළෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය. සමිඳාණන් වහන්සේ එදා ඉමහත් ජයක් සලසා දුන් සේක. සෙනඟ ද කොල්ලය ගන්නට පමණක් ඔහු පස්සේ ගියහ.


“නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය.


විපත පිට විපත පැමිණ ඇත; මුළු රට ම නාස්ති වී ඇත. හදිසියේ ම මාගේ කූඩාරම විනාශ විය; එහි තිර වැසුම් ඉරී ගියේ ය.


ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද නැඟිට, ඔල්වර හඬ පවත්වා පිලිස්තිවරුන් ලුහුබැඳ ගායිට පැමිණෙන තැන දක්වාත් ඒක්‍රොන්හි දොරටුව දක්වාත් ගියහ. ෂාරයිම්ට යන මාර්ගය දිගට ගාත් දක්වා ද ඒක්‍රොන් දක්වා ද පිලිස්තිවරු මැරුම් කා වැටුණා හ.


දාවිත් පිලිස්තියයාගේ හිස රැගෙන ජෙරුසලමට පැමිණියේ ය; ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තබාගත්තේ ය.


ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”