සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.
1 සාමුවෙ 14:51 - Sinhala New Revised Version සාවුල්ගේ පිය වූ කිෂ් සහ අබ්නේර්ගේ පිය වූ නේර් අබියෙල්ගේ පුත්‍රයෝ ය. Sinhala New Revised Version 2018 සාවුල්ගේ පිය වූ කිෂ් සහ අබ්නේර්ගේ පිය වූ නේර් අබියෙල්ගේ පුත්‍රයෝ ය. Sinhala Revised Old Version සාවුල්ගේ පියා කීෂ්ය. අබ්නේර්ගේ පියවූ නේර් අබියෙල්ගේ පුත්‍රයාය. |
සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.
එවිට දාවිත් පිටත් වී සාවුල් කූඩාරම් ගසාගෙන සිටි ස්ථානයට අවුත්, සාවුල් ද ඔහුගේ සෙන්පතියා වූ නේර්ගේ පුත් අබ්නේර් ද නිදා උන් ස්ථානය දුටුවේ ය. සාවුල් කඳවුර ඇතුළේ වැදහොත්තේ ය; සෙනඟ ඔහු වට කර කූඩාරම් ගසාගෙන සිටියහ.
බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.
සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය.