ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 9:2 - Sinhala New Revised Version

ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 9:2
11 හුවමාරු යොමු  

බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය:


දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;


දේව මාලිගාවේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.


මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද සෙනඟගෙන් සමහරු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද මාලිගාවේ සේවකයෝ ද ස්වකීය නගරවල විසූ හ. සියලු ඉශ්රායෙල්වරු ද ස්වකීය නගරවල විසූ හ.


තවද, ලෙවීවරුන්ගේ මෙහෙයට ද දාවිත් සහ අධිපතීන් විසින් නියම කරන ලද දේව මාලිගාවේ සේවකයන්ගෙන් දෙසිය විසි දෙනෙක් අප වෙත එවන ලදහ. ඔවුන් සියල්ලෝ ලියාපදිංචි කරන ලදහ.”


තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පණත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,


තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. අනික් කොටස් නුවරවල වාසය කළෝ ය.


දේව මාලිගාවේ සේවකයන්ගේ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.


මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද සෙනඟගෙන් සමහරු ද දේව මාලිගාවේ සේවකයෝ ද සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ නගරවල විසූහ.