ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 9:13 - Sinhala New Revised Version

තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමුන්ගේ පිය වංශවල ප්‍රධානියන්වූ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථවූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක්ද යන අයය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 9:13
6 හුවමාරු යොමු  

හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියා ද ඔහුගේ සහෝදරයෝ ද යන බලවන්තයෝ එක්දහස් හත්සියයක් බස්නාහිර දිශාවේ ජොර්දාන් ගඟින් මෙගොඩ සමිඳාණන් වහන්සේ සම්බන්ධ දේ ගැන ද රජුගේ වැඩ ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට පත් ව සිටියෝ ය.


බලවන්තයන් ව පිය වංශවල ප්‍රධානියන් ව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් සත්සියයක් වූ හ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කෙරෙහි මුලාදෑනීන් කොට ඔවුන් පත් කෙළේ ය.


ඔහුගේ පුත් ෂෙමායාට දාව පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු බලවන්ත මනුෂ්‍යයන් ව සිටි නිසා තමන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයන් ව සිටියෝ ය.


මල්කියාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද ඉම්මේර්ගේ පුත් මෙෂිල්ලේමිත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් ජාසේරාගේ පුත්‍රයා වන අදීයෙල්ගේ පුත් මයසයි ද;


ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය;


බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅටදෙනෙක් ද යන මොවුහු ය. හග්ගෙදෝලීම්ගේ පුත් ශබ්දීයෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය.