ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 8:40 - Sinhala New Revised Version

ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයෝව දුනුකාරයෝව සිටියෝය, ඔවුන්ට පුත්‍රයෝද පුත්‍රයන්ගේ පුත්‍රයෝද බොහෝ දෙනෙක් එනම් එකසිය පනහක් සිටියෝය. මේ සියල්ලෝ බෙන්යමින්ගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 8:40
6 හුවමාරු යොමු  

ඔව්හු දකුණතින් ද වමතින් ද ගල්විසි කරන්නත්, දුන්නෙන් ඊ ගස් විදින්නත් පුරුදු දුනුවායන් ව, බෙන්ජමින්ගේ වංශයට අයිති වූ සාවුල්ගේ සහෝදරයන් ව සිටියෝ ය.


ඔහුගේ සහෝදර වූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ ඌලාම් ය. දෙවැනියා වූ ජෙවූෂ් ය; තුන්වැනියා වූ එලිපෙලෙත් ය.


මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය.


ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.