1 ලේකම් 7:24 - Sinhala New Revised Version එප්‍රායිම්ගේ දුව ෂෙයෙරා ය. ඈ පහළ සහ ඉහළ බෙත්-හෝරොන්හි නගර ද උශ්ශේන්-ෂෙයෙරා ද ගොඩනැඟුවා ය. Sinhala New Revised Version 2018 එප්‍රායිම්ගේ දුව ෂෙයෙරා ය. ඈ පහළ සහ ඉහළ බෙත්-හෝරොන්හි නගර ද උශ්ශේන්-ෂෙයෙරා ද ගොඩනැඟුවා ය. Sinhala Revised Old Version ඔහුගේ දුව ෂෙයෙරාය, ඈ පහළ සහ ඉහළ බෙත්හෝරොන්ද උස්සේන්-ෂෙයෙරාද ගොඩනැගුවාය. |
ඔහු තමාගේ භාර්යාව කරා පැමිණි කල ඈ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලැබුවා ය. තමාගේ පවුලට විපත්තිය පැමිණි නිසා ඔහු ඔහුට බෙරියා යන නම තැබී ය.
ඔහුගේ පුත්‍රයා රෙපා ය; රෙපාගේ පුත්‍රයා රෙෂෙප් ය; රෙෂෙප්ගේ පුත්‍රයා තෙලා ය; ඔහුගේ පුත්‍රයා තහන් ය;
එසේ ම ඉහළ බෙත්-හෝරන් ද පහළ බෙත්-හෝරන් ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නගර ද
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.
එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය;