1 ලේකම් 6:10 - Sinhala New Revised Version ජොහානාන්ට දාව අශරියා ද උපන්නෝ ය. සලමොන් ජෙරුසලමේ ගොඩනැඟුවාවූ මාලිගාවෙහි පූජක තනතුරේ කටයුතු ඉෂ්ට කෙළේ ඔහු ය. Sinhala New Revised Version 2018 ජොහානාන්ට දාව අශරියා ද උපන්නෝ ය. සලමොන් ජෙරුසලමේ ගොඩනැඟුවාවූ මාලිගාවෙහි පූජක තනතුරේ කටයුතු ඉෂ්ට කෙළේ ඔහු ය. Sinhala Revised Old Version යොහානාන්ට දාව අසරියාද උපන්නෝය. (සාලමොන් විසින් යෙරුසලමේ ගොඩනැගූ ගෘහයෙහි පූජක තනතුර ඉෂ්ටකළේ ඔහුය.) |
එකල සලමොන් තමාගේ පිය වූ දාවිත්ට ජෙරුසලමෙහි දී සමිඳාණන් වහන්සේ දර්ශනය වූ මොරියා කන්දේ ජෙබුසිය වූ ඔර්ණාන්ගේ කමතේ දාවිත් විසින් නියම කරන ලද ස්ථානයෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්න පටන්ගත්තේ ය.
ඉස්සරහ තිබුණු ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙස ම මීටර් නවයකි; උස මීටර් පණස්හතරකි. එහි ඇතුළත ඔහු පවිත්‍ර රන් ආලේප කෙළේ ය.