1 ලේකම් 4:41 - Sinhala New Revised Version නම් වශයෙන් ලියන ලද මොවුහු ජුදාහි රජ වූ හෙසකියාගේ කාලයේ දී අවුත් එහි සම්බවුණ මෙයුනිවරුන්ටත්, ඔවුන්ගේ කූඩාරම්වලටත් පහර දී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින් ම නැතිකර දමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ එළු බැටළු රැළවල්වලට එහි තණ බිම් තිබුණේ ය. Sinhala New Revised Version 2018 නම් වශයෙන් ලියන ලද මොවුහු ජුදාහි රජ වූ හෙසකියාගේ කාලයේ දී අවුත් එහි සම්බවුණ මෙයුනිවරුන්ටත්, ඔවුන්ගේ කූඩාරම්වලටත් පහර දී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින් ම නැතිකර දමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ එළු බැටළු රැළවල්වලට එහි තණ බිම් තිබුණේ ය. Sinhala Revised Old Version නම් වශයෙන් ලියනලද මොව්හු යූදාහි රජවූ හෙසකියාගේ කාලයේදී ඇවිත් එහි සම්බවුණු මෙයූනිවරුන්ටත් ඔවුන්ගේ කූඩාරම්වලටත් පහරදී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින්ම නැතිකරදමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝය. මක්නිසාද ඔවුන්ගේ එළු බැටළු රැළවලට එහි තණබිම් තිබුණේය. |
බාල් දක්වා එම නගර වටේට තිබුණු සියලු ගම් ද වේ. ඔවුන්ගේ වාසස්ථාන ද ඔවුන්ගේ පෙළපත් ලේඛන ද මේවා ය.
යුද්ධය දෙවියන් වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක් ම මැරුම්කා වැටුණෝ ය. වහල්කමට ගෙන යාම දක්වා ඔව්හු මොවුන්ගේ දේශයෙහි වාසය කළෝ ය.
ඔව්හු සිවුපාවුන්ගේ මඩුවලටත් පහර දී බොහෝ බැටළුවන් ද ඔටුවන් ද අල්ලාගෙන ජෙරුසලමට හැරී ආවෝ ය.
මින්පසු මෝවබ්වරු ද අම්මොන්වරු ද ඔවුන් සමඟ මෙයුනිවරුන්ගෙන් සමහරෙක් ද ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධයට ආවෝ ය.
දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ටත්, ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත්, මෙයුනිවරුන්ටත් විරුද්ධ ව ඔහුට උපකාර කළ සේක.
ඒ නිසා, ඒදොම් වැසියන්ට විරුද්ධ ව කර ඇති යෝජනා ද තේමාන් නගර වැසියන්ට විරුද්ධ ව මා සූදානම් කර ඇති සැලසුම් ද ගැන සවන් දෙන්න. ඔවුන් කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. සියල්ලෝ ඔවුන්ගේ ඉරණම ගැන බියට පත් වන්නෝ ය.
උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.
සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි.