1 ලේකම් 27:16 - Sinhala New Revised Version තවද, ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොවුහු ය. රූබන්වරුන්ට ආණ්ඩුකාරයා ව සිටියේ ශික්රීගේ පුත් එලියෙසර් ය. සිමියොන්වරුන්ට මයකාගේ පුත් ෂෙපටියා ය. Sinhala New Revised Version 2018 තවද, ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොවුහු ය. රූබන්වරුන්ට ආණ්ඩුකාරයා ව සිටියේ ශික්රීගේ පුත් එලියෙසර් ය. සිමියොන්වරුන්ට මයකාගේ පුත් ෂෙපටියා ය. Sinhala Revised Old Version තවද ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොව්හුය. රූබෙන්වරුන්ට ආණ්ඩුකාරයාව සිටියේ සික්රීගේ පුත්‍රවූ එලියෙසෙර්ය; සිමියොන්වරුන්ට මයකාගේ පුත්‍රවූ ෂෙපටියාය; |
තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.
දොළොස් වැනි මාසයට දොළොස් වැනි අධිපතියා නම්, ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ පංතිවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.
මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.
මිදියන් ජාතික ස්ත්‍රී සමඟ මරණ ලද ඉශ්රායෙල් ජාතිකයාගේ නම සිම්රි ය. ඔහු සිමියොන්ගේ පෙළපතට අයත් දෙටු කුලයක නායක වූ සාලුගේ පුත්‍රයා ය.