ඔහුගේ පුත් ෂෙමායාට දාව පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු බලවන්ත මනුෂ්‍යයන් ව සිටි නිසා තමන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයන් ව සිටියෝ ය.
1 ලේකම් 26:7 - Sinhala New Revised Version ෂෙමායාගේ පුත්‍රයන් ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්ශාබාද් ය. ඔහුගේ සහෝදරයන් වන බලවන්ත මනුෂ්‍යයන් එලීහු සහ සෙමාකියා ය. Sinhala New Revised Version 2018 ෂෙමායාගේ පුත්‍රයන් ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්ශාබාද් ය. ඔහුගේ සහෝදරයන් වන බලවන්ත මනුෂ්‍යයන් එලීහු සහ සෙමාකියා ය. Sinhala Revised Old Version ෂෙමායාගේ පුත්‍රයෝ වන ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්සාබාද්ය; ඔහුගේ සහෝදරයෝ වන බලවන්ත මනුෂ්‍යයෝවූ එලීහු සහ සෙමාකියාය. |
ඔහුගේ පුත් ෂෙමායාට දාව පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු බලවන්ත මනුෂ්‍යයන් ව සිටි නිසා තමන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයන් ව සිටියෝ ය.
මොවුහු සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද සේවයට බලවන්ත ව, ශක්තිමත් ව සිටියෝ ය. මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝ ය.
කෝරාගේ පුත් එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත් වූ ෂල්ලුම් ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කොරහිවරු ද සේවයේ කටයුතුවලට පත් වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූ හ. ඔවුන්ගේ පියවරු සමිඳාණන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝ ය.