ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 24:19 - Sinhala New Revised Version

ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පිය වූ ආරොන්ට අණ කළ ප්‍රකාරයට ඔහු ලවා කරවූ නියෝගය ලෙස ඔවුන්ගේ යුතුකම් අනුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වීමේ පිළිවෙළ මේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පිය වූ ආරොන්ට අණ කළ ප්‍රකාරයට ඔහු ලවා කරවූ නියෝගය ලෙස ඔවුන්ගේ යුතුකම් අනුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වීමේ පිළිවෙළ මේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවූ ආරොන්ට අණකළ ප්‍රකාරයට ඔහු ලවා කෙරෙවු නියෝගය ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීමට ඔවුන්ගේ මෙහෙයේ පිළිවෙළ මේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 24:19
10 හුවමාරු යොමු  

ආරොන්ගේ පුත්‍රයන්ගේ පංති මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.


විසිතුන් වැනි එක දෙලායාට ය; විසිහතර වැනි එක මයශියාට ය.


ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂුබායෙල් ය. ෂුබායෙල්ගේ පුත්‍රයන්ගෙන් ජෙදෙයා ය.


ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; ඔහු එලියෙල්ගේ පුත්‍රයා ය; ඔහු තෝවාගේ පුත්‍රයා ය;


ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය.


ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය.


ලෙවීවරු ද සියලු ජුදාවරු ද ජෙහෝයාදා පූජකයා විසින් අණ කරනු ලැබූ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝ ය. මන්ද, ජෙහෝයාදා පූජකයා මුරකාවල් නිදහස් කර නොහැරියේ ය.


සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට,


සියල්ල විනීත ව ද විධිමත් ව ද කළ යුතු ය.


ඉශ්රායෙල් සෙනඟට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙන ය. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැබී නම්, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද?