ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 15:22 - Sinhala New Revised Version

කෙනනියා ගායනා කිරීම ගැන ලෙවීවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. ඔහු ඊට දක්ෂ ව සිටි බැවින් ගායනා කරන්නන්ට එය ඉගැන්නුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කෙනනියා ගායනා කිරීම ගැන ලෙවීවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. ඔහු ඊට දක්ෂ ව සිටි බැවින් ගායනා කරන්නන්ට එය ඉගැන්නුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කෙනනියා ගායනාකිරීම ගැන ලෙවීවරුන්ගේ ප්‍රධානියාව සිටියේය; ඔහු ඊට දක්ෂව සිටි බැවින් ගායනාකරන්ට ඉගැන්නුවේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 15:22
5 හුවමාරු යොමු  

තවද, දාවිත් කුඩා වීණා ද මහා වීණා ද අත්තල් ද යන තූර්ය භාණ්ඩවලින් ගායනා කරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමන්ගේ සහෝදරයන් වූ ගායකයන් නියම කරන ලෙස ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේ ය.


මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද අශශියා ද ෂෙමිනිත් නම් මහා වීණාවලින් උච්චස්වර මහා ශබ්ද පැවැත්වීමටත් නියම කළෝ ය.


බෙරෙකියා ද එල්කානා ද ගිවිසුම් කරඬුව උදෙසා දොරටු පාලකයන් ව සිටියෝ ය.


දාවිත් ද ගිවිසුම් කරඬුව උසුලාගත් සියලු ලෙවීවරු ද ගායකයෝ ද ගායකයන් අතරේ ගායනා කිරීමට ප්‍රධානියා ව සිටි කෙනනියා ද සිහින් හණ සළු ඇඳගෙන සිටියහ. දාවිත් හණ ඒපොද් සැට්ටයක් පැළඳගෙන සිටියේ ය.