1 ලේකම් 13:4 - Sinhala New Revised Version මුළු සෙනඟගේ ඇස් හමුයෙහි එය කළ යුතු දෙයක් ලෙස පෙනුණු නිසා, එසේ කරන්න කැමැති බව මුළු සභාව කියා සිටියා ය. Sinhala New Revised Version 2018 මුළු සෙනඟගේ ඇස් හමුයෙහි එය කළ යුතු දෙයක් ලෙස පෙනුණු නිසා, එසේ කරන්න කැමැති බව මුළු සභාව කියා සිටියා ය. Sinhala Revised Old Version මුළු සෙනඟගේ ඇස් හමුයෙහි එය හරිව පෙනුණු නිසා, එසේ කරන්ට කැමති බව මුළු සභාව කියා සිටියාය. |
අපේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප වෙත නැවත ගෙනෙමු. මන්ද, සාවුල්ගේ කාලයේ දී අපි එය ගැන නොසැලකුවෙමු”යි කීවේ ය.
ඒ නිසා, දාවිත් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට ගෙනෙන පිණිස මිසරයේ ෂිහෝර් ඔය පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය.
“රජතුමා කැමැති නම්, මට කරුණාව ද ලැබී තිබේ නම්, එසේ ම මාගේ යෝජනාව රජ්ජුරුවන්ට හරි යයි පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රිය මනාප නම්, රජුගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් උපක්‍රමයකින් ලියා යැවූ ලියුම් අවලංගු කරන පිණිස නිවේදනයක් යවනු මැනව.
ඒ අතරතුරේ දී සාවුල්ගේ දුව මීකල් දාවිත්ට ආදරේ වූවා ය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් ඒ ගැන ප්‍රීති විය.