1 ලේකම් 1:36 - Sinhala New Revised Version එලිපස්ගේ පුත්‍රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගායිතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක් ය. Sinhala New Revised Version 2018 එලිපස්ගේ පුත්‍රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගායිතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක් ය. Sinhala Revised Old Version එලීපස්ගේ පුත්‍රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගාතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක්ය. |
ඒ නිසා, ඒදොම් වැසියන්ට විරුද්ධ ව කර ඇති යෝජනා ද තේමාන් නගර වැසියන්ට විරුද්ධ ව මා සූදානම් කර ඇති සැලසුම් ද ගැන සවන් දෙන්න. ඔවුන් කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. සියල්ලෝ ඔවුන්ගේ ඉරණම ගැන බියට පත් වන්නෝ ය.
ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?
ඒසව්ගේ කඳුකරයේ සටන් කරන හැම දෙනා ම මරාදමන තුරු, එම්බා තේමාන්! නුඹේ රණ ශූරයන් භීතියෙන් ත්‍රස්ත වනු ඇත.”
සමිඳාණන් වහන්සේ තේමාන් සිට ද ශුද්ධ දෙවියන් වහන්සේ පාරාන් කන්දේ සිට ද වඩින සේක. උන් වහන්සේගේ තේජාලංකාරයෙන් ස්වර්ගය ප්‍රභාවත් වෙයි. පොළොව ද උන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ඇත.