එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.
1 ලේකම් 1:28 - Sinhala New Revised Version ආබ්‍රහම්ගේ පුත්‍රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල් ය. Sinhala New Revised Version 2018 ආබ්‍රහම්ගේ පුත්‍රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල් ය. Sinhala Revised Old Version ආබ්‍රහම්ගේ පුත්‍රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල්ය. |
එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.
පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පෙළපත ය; සාරාගේ සේවිකාව වන මිසර ජාතික හාගර්, ආබ්‍රහම්ට දාව ඉෂ්මායෙල් ලැබුවා ය.
ඔවුන්ගේ පරම්පරා මේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා වූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්;