පත්රුසිම්වරුන්ගේ ද කස්ලුහිම්වරුන්ගේ ද කප්තොරිම්වරුන්ගේ ද පියා විය. පිලිස්තිවරුන්ගේ පෙළපත ආයේ කප්තොරිම්වරුන්ගෙන් ය.
1 ලේකම් 1:12 - Sinhala New Revised Version පත්රුසිම්වරු ද කස්ලුහිම්වරු ද ක්‍රීට්වරු ද උපන්නෝ ය. පිලිස්තිවරුන් පැවත ආයේ ඔවුන්ගෙන් ය. Sinhala New Revised Version 2018 පත්රුසිම්වරු ද කස්ලුහිම්වරු ද ක්‍රීට්වරු ද උපන්නෝ ය. පිලිස්තිවරුන් පැවත ආයේ ඔවුන්ගෙන් ය. Sinhala Revised Old Version පත්රැසිවරුද කස්ලුහිවරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ ඔවුන්ගෙන්ය) කප්තොරිවරුද උපන්නෝය. |
පත්රුසිම්වරුන්ගේ ද කස්ලුහිම්වරුන්ගේ ද කප්තොරිම්වරුන්ගේ ද පියා විය. පිලිස්තිවරුන්ගේ පෙළපත ආයේ කප්තොරිම්වරුන්ගෙන් ය.
“ඒ ඉතිරි වූ සියලු ආධාරකරුවන් තීර් සහ සීදොන් කෙරෙන් වනසාලීම පිණිස, සියලු පිලිස්තිවරුන් නාස්ති කිරීමට පැමිණෙන දවස නිසා ය. මන්ද, ස්වාමීන් වන මා ක්‍රීත් මුහුදුබඩ දේශයෙහි ඉතිරි ව සිටින පිලිස්තිවරුන් නාස්ති කරන නිසා ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාත්, එතියෝපිවරුනුත් සලකන්නේ එක හා සමාන ව ය. මා නුඹලා මිසර දේශයෙන් ගෙනා සේ ම, පිලිස්තිවරුන් ක්‍රීතයේ සිට ද සිරියන්වරුන් තීර්හි සිට ද මම ගෙනාවෙමි.
ක්‍රීට් දූපතේ සිට පැමිණි වාසීහු ද, දකුණු දිග පිහිටි ගාසා දක්වා විසූ අව්විවරුන් වනසා, එම රටේ පදිංචි වූ හ.