එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.
1 රාජාවලිය 8:40 - Sinhala New Revised Version එවිට ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්නෝ ය. Sinhala New Revised Version 2018 එවිට ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්නෝ ය. Sinhala Revised Old Version මක්නිසාද ඔබ පමණක්ම සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නාසේක. |
එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.
ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට එය අසා කමා වුව මැනව. සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක; ඔබ එකිනෙකාට ඔවුනොවුන්ට සුදුසු පරිදි ඉෂ්ට කර දුන මැනව.
“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත.
ඔහු සෙනඟට උත්තර දෙමින්, “බිය නොවන්න; දෙවියන් වහන්සේ ඔබ පරීක්ෂා කරන පිණිසත්, ඔබ පව් නොකරන ලෙස උන් වහන්සේ කෙරෙහි බිය උපදවන පිණිසත් පැමිණි සේකැ”යි කී ය.
ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.
ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි.
මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
“ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැනීමට දෙන දේශයෙහි දී දිවි ඇති තාක් ඔබ ආරක්ෂා කළ යුතු නීති හා නියෝග මේවා ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතු ය. උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.
ඔබට දිවි ඇති තාක්, ඔබත්, ඔබේ පුත්‍රයාත්, පුත්‍රයාගේ පුත්‍රයාත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පාමින්, මා ඔබට අණ කළ උන් වහන්සේගේ සියලු ම නියෝග සහ අණපණත් රක්ෂා කළ යුතු ය. එසේ කළොත්, ඔබ චිරාත් කාලයක් ජීවත් වනු ඇත.
එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු.
උන් වහන්සේ එසේ කෙළේ, මිහි පිට සියල්ලන් සමිඳාණන් වහන්සේගේ හස්තය බලවත් බව දැනගනු පිණිසත්, ඔවුන් දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම ගරුබිය දක්වනු පිණිසත් ය’ කියා දැන්විය යුතු ය”යි කීවේ ය.
ස්වාමීනි ඔබ වහන්සේට බිය නොවන්නේත්, ඔබ වහන්සේගේ නාමයට ගෞරව නොකරන්නේත් කවරෙක් ද? ඔබ වහන්සේ පමණක් සුවිශුද්ධ බැවිනි; සියලු ජාතීහු පැමිණ, ඔබ වහන්සේ ඉදිරියේ නමස්කාර කරති. මන්ද, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේ ය.”
තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි.
සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න.