ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 7:12 - Sinhala New Revised Version

වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

වටකර තිබුණ මහ මිදුල කැපූ ගල් පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සාදන ලද්දේය; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුළු මිදුලත් ගෘහයේ ශාලාවත් එසේමය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 7:12
9 හුවමාරු යොමු  

මාලිගාවේ ඉදිරියෙන් වූ ප්‍රවේශ ශාලාවේ දිග මාලිගාවේ පළල හැටියට ම මීටර් නවයක් ව ද එහි පළල මාලිගාව ඉදිරිපිට මීටර් හතරයි දශම පහක් ව ද තිබුණේ ය.


ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.


ඒවා පිට කැපූ ගල්වල මිමිවල හැටියට වටිනා ගල් ද කිහිරි ලී ද තිබිණි.


ඔහු මීටර් විසිදෙකක් දිග ද මීටර් දහතුනයි දශම පහක් පළල ද ඇති කුළුණු ශාලාවක් සෑදුවේ ය. ඒවා ඉදිරිපිට කුළුණු ද ලොකු බාල්ක ද සහිත තවත් ශාලාවක් ද සෑදී ය.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මළු දෙකෙහි මුළු ආකාශ වස්තූන්ටත් පූජාසන ගොඩනැඟුවේ ය.


පූජකයන්ගේ මළුව ද මහ මළුව ද ඒ මළුවට දොරවල් ද සාදා, ඒ දොරවල් ලෝකඩෙන් වැසුවේ ය.


ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක.


පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ.


ප්‍රේරිතයන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ.