1 රාජාවලිය 7:10 - Sinhala New Revised Version වටිනා විශාල ගල්වලින් එනම්, මීටර් හතරක් වූ ගල්වලින් ද මීටර් තුනහමාරක් වූ ගල්වලින් ද අත්තිවාරම දමා තිබුණේ ය. Sinhala New Revised Version 2018 වටිනා විශාල ගල්වලින් එනම්, මීටර් හතරක් වූ ගල්වලින් ද මීටර් තුනහමාරක් වූ ගල්වලින් ද අත්තිවාරම දමා තිබුණේ ය. Sinhala Revised Old Version අත්තිවාරමද මහත්වූ අනර්ඝවූ ගල්වලින් එනම් දස රියන්වූ ගල්වලින්ද අට රියන්වූ ගල්වලින්ද දමා තිබුණේය. |
මේ සියල්ල ම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත්, පිටිනුත් අත්තිවාරමේ පටන් පියස්සේ පහත කෙළවර දක්වා ද පිටත සිට මහ මළුව දක්වා ද වටිනා ගල්වලින් නිම කරන ලද්දේ ය.
ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම! මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා, නුඹේ අත්තිවාරම් නිල් මාණික්යවලින් ඉදි කරන්නෙමි.