නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.
1 රාජාවලිය 6:8 - Sinhala New Revised Version මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය. Sinhala New Revised Version 2018 මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය. Sinhala Revised Old Version මැද කාමරවලට දොර ගෘහයේ දකුණු පැත්තෙහි විය. වටවූ පඩිපෙළකින් මැද මහලටත් මැද මහලෙන් තුන්වෙනි මහලටත් නගින්ට සාදා තිබුණේය. |
නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.
මෙසේ ඔහු මාලිගාව තනා නිම කෙළේ ය. ඔහු මාලිගාව කිහිරි දැවවලින් ද ලෑලිවලින් ද වැසුවේ ය.
එකල හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් පිළියෙළ කරන්න අණ කෙළේ ය. ඔව්හු එසේ පිළියෙළ කොට,
“නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක.
මෙසේ වූයේ ඒවා මහල් තුනක් ව තිබුණු නමුත්, මළුවල කුළුණු වාගේ ඒවාට කුළුණු නොතිබුණු නිසා ය. එබැවින් පහළ ඒවාටත්, මැද ඒවාටත් වඩා ඒවා බිම සිට ඉහළට යන්න යන්න පටු ව තිබිණි.