එකොළොස් වන අවුරුද්දේ අට වන මාසය වන බූල් මාසයේ දී මාලිගාව එහි සියලු කොටස් ඇතුළු ව අඳින ලද සම්පූර්ණ සැලැස්ම අනුව නිම කරන ලදී. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය නොඩනැඟීමෙහි යෙදී සිටියේ ය.
1 රාජාවලිය 6:14 - Sinhala New Revised Version මෙසේ සලමොන් දේව මාලිගාව ගොඩනඟා නිම කෙළේ ය. Sinhala New Revised Version 2018 මෙසේ සලමොන් දේව මාලිගාව ගොඩනඟා නිම කෙළේ ය. Sinhala Revised Old Version මෙසේ සාලමොන් ගෘහය ගොඩනගා නිමකෙළේය. |
එකොළොස් වන අවුරුද්දේ අට වන මාසය වන බූල් මාසයේ දී මාලිගාව එහි සියලු කොටස් ඇතුළු ව අඳින ලද සම්පූර්ණ සැලැස්ම අනුව නිම කරන ලදී. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය නොඩනැඟීමෙහි යෙදී සිටියේ ය.
මෙසේ ඔහු මාලිගාව තනා නිම කෙළේ ය. ඔහු මාලිගාව කිහිරි දැවවලින් ද ලෑලිවලින් ද වැසුවේ ය.
මෙලෙස සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කරවන ලද වැඩ සියල්ල නිම විය. මොහු තමාගේ පිය වූ දාවිත් විසින් කැප කරන ලද දේ වන රිදී හා රන් ද භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් සමිඳාණන්ගේ මාලිගාවේ ගබඩාවල තැබුවේ ය.
සලමොන් තමා සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ පූජාසනය පිට අවුරුද්දට තුන්වරක් දවන යාග පූජා හා සහභාගිකමේ පූජා ද උන් වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය. මෙසේ ඔහු මාලිගාව සාදා නිම කෙළේ ය.
ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වට කර මළුව තනා, මළුවේ දොරකඩ කඩතුරාව එල්ලී ය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කෙළේ ය.