නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි. එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.
1 රාජාවලිය 5:17 - Sinhala New Revised Version කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූ ද අනර්ඝ වූ ද ගල් ගෙනාවෝ ය. Sinhala New Revised Version 2018 කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූ ද අනර්ඝ වූ ද ගල් ගෙනාවෝ ය. Sinhala Revised Old Version කැපූ ගල්වලින් ගෘහයේ අත්තිවාරම තබන පිණිස රජුගේ ආඥාව පිට මහත්වූද අනර්ඝවූද ගල් ගෙනාවෝය. |
නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි. එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.
උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:
නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.
මේ සියල්ල ම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත්, පිටිනුත් අත්තිවාරමේ පටන් පියස්සේ පහත කෙළවර දක්වා ද පිටත සිට මහ මළුව දක්වා ද වටිනා ගල්වලින් නිම කරන ලද්දේ ය.
තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ මට පණිවුඩයක් ප්‍රකාශ කරමින්, ‘නුඹ බොහෝ සේ ලේ වැගිරීමත්, මහා යුද්ධත් කෙළෙහි ය. එලෙස නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවූ නිසා මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.
ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’