එවිට රජ උත්තර දෙමින්, “ජීවත් ව සිටින දරුවා මරන්නට එපා, අර තැනැත්තියට දෙන්න. ඈ ඔහුගේ මව ය”යි කීවේ ය.
එවිට රජ උත්තරදෙමින්: ජීවත්ව ඉන්න දරුවා මරන්ට එපා, අර තැනැත්තීට දෙන්න, ඈ ඔහුගේ මවුයයි කීවේය.
එවිට ජීවත් ව සිටින දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් දැවී ගිය බැවින්, ඈ රජුට කතා කොට, “අනේ, මාගේ ස්වාමීනි, ජීවත් ව සිටින දරුවා ඈට දෙන්න, මරන්න නම් එපා යැ”යි කීවා ය. එහෙත්, අනික් තැනැත්තී, “ඒ දරුවා මට වත්, ඔබට වත් නොවේ වා, ඔහු දෙකට කපන්නැ”යි කීවා ය.
රජු විසින් කරන ලද විනිශ්චය සියලු ඉශ්රායෙල්වරු අසා, යුක්තිය විසඳීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක රජු කෙරෙහි බිය වූවෝ ය.