එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඉශ්රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප අසා ඇත. ඉතින්, අපේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට යන්නට අපට අවසර දෙනු මැනව, සමහර විට ඔහු ඔබේ ප්‍රාණය ආරක්ෂා කරනු ඇතැ”යි කී හ.
1 රාජාවලිය 20:32 - Sinhala New Revised Version එවිට ඔව්හු තමන්ගේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට පැමිණ, “ඔබේ මෙහෙකරු වන බෙන්-හදද්, ‘මාගේ ප්‍රාණය ආරක්ෂා කළ මැනව’යි කියන්නේ ය”යි සැළ කළහ. එවිට ආහබ් කතා කොට, “ඔහු තව ම ජීවත් ව සිටී ද? ඔහු මාගේ සහෝදරයා ය”යි කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට ඔව්හු තමන්ගේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට පැමිණ, “ඔබේ මෙහෙකරු වන බෙන්-හදද්, ‘මාගේ ප්‍රාණය ආරක්ෂා කළ මැනව’යි කියන්නේ ය”යි සැළ කළහ. එවිට ආහබ් කතා කොට, “ඔහු තව ම ජීවත් ව සිටී ද? ඔහු මාගේ සහෝදරයා ය”යි කීවේ ය. Sinhala Revised Old Version එසේ ඔව්හු තමුන්ගේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට ඇවිත්: ඔබගේ මෙහෙකරුවූ බෙන්-හදද්–මාගේ ප්‍රාණය ආරක්ෂාකළ මැනවියි කියන්නේයයි කීවෝය. ආහබ් කථාකොට: ඔහු තවම ජීවත්ව සිටීද? ඔහු මාගේ සහෝදරයායයි කීවේය. |
එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඉශ්රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප අසා ඇත. ඉතින්, අපේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට යන්නට අපට අවසර දෙනු මැනව, සමහර විට ඔහු ඔබේ ප්‍රාණය ආරක්ෂා කරනු ඇතැ”යි කී හ.
ඒ මනුෂ්‍යයො ද රජු කී වචනය හොඳ ලකුණක් කොට සලකා, එය වහා පිළිගෙන, “ඔහු ඔබේ සහෝදරවන බෙන්-හදද් ය”යි කීවෝ ය. ඔහු ද කතා කොට, “ඔබ ගොස් ඔහු කැඳවාගෙන එන්නැ”යි කී ය. එකල බෙන්-හදද් ඔහු වෙත පැමිණියේ ය. රජ ද ඔහු රථයට නංවාගත්තේ ය.
ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු; කිසිවෙකු රජ කර නොගන්නෙමු. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”