1 රාජාවලිය 17:7 - Sinhala New Revised Version ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය. Sinhala New Revised Version 2018 ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය. Sinhala Revised Old Version තවද දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය හිදී ගියේය. |
එතුමාණන් වැස්ස දුන් විට එය නැවතුවහොත් ඉඩෝරය පැමිණේ. යළි වැස්ස දුන් විට රට යට කරන මහ ගංවතුරු ගලයි.
කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.”
වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත.
සමිඳාණන් වහන්සේ ක්ෂය රෝගය සහ උණ ද ඉදිමුම සහ උණසන්නිපාතය ද ඔබට වැළඳෙන්න සලස්වා පීඩා කරන සේක. ඔබේ පලදාවන් නියඟයෙන් ද කොළ රෝගයෙන් සහ හතු රෝගයෙන් ද වනසාලන සේක. ඔබ නාස්ති වී යන තෙක් ඒවා ඔබ ලුහුබැඳ එනු ඇත.