ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය.
1 රාජාවලිය 16:2 - Sinhala New Revised Version එය මෙසේ ය: “කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර, මම මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත් කෙළෙමි. එහෙත්, නුඹ ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්වූයෙහි ය. Sinhala New Revised Version 2018 එය මෙසේ ය: “කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර, මම මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත් කෙළෙමි. එහෙත්, නුඹ ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්වූයෙහි ය. Sinhala Revised Old Version මම දූවිල්ල කෙරෙන් නුඹ උසස්කර මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමි; නුමුත් නුඹ යෙරොබොවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තමුන්ගේ පාපවලින් මා කෝපකරවන හැටියට මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ බැවින්, |
ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය.
‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔබ ගොස් ජෙරොබෝවම්ට කියන්න: ‘මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත්කර,
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කොට, තම පියාගේ අඩි පාරේ ගමන් කරමින්, තම පියා ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප ද කෙළේ ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කර ජෙරොබෝවම්ගේ අඩි පාරේ යමින් ඉශ්රායෙල්වරුන් පව් කරන්න සැලැස්සූ පාපය ද කෙළේ ය.
මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.
මා කෝප කරවන ලෙස අහස් දේවියට රස කැවිලි සෑදීමටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා පුද කිරීමටත්, දරුවෝ දර එකතු කරති; පියවරු ගිනි මොළවති; ස්ත්‍රීහු පිටි අනති.
එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය.
මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත.
අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.
මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ.