එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි.
1 රාජාවලිය 16:11 - Sinhala New Revised Version මෙසේ ඔහු රජ වී ස්වකීය සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන් වත්, මිත්‍රයන්ගෙන් වත්, කිසි පිරිමියෙකු ඉතුරු නොකොට ඔහුගේ වංශයේ සියල්ලන් මරාදැම්මේ ය. Sinhala New Revised Version 2018 මෙසේ ඔහු රජ වී ස්වකීය සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන් වත්, මිත්‍රයන්ගෙන් වත්, කිසි පිරිමියෙකු ඉතුරු නොකොට ඔහුගේ වංශයේ සියල්ලන් මරාදැම්මේ ය. Sinhala Revised Old Version තවද ඔහු රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන්වත් මිත්‍රයන්ගෙන්වත් කිසි පිරිමියෙක්වත් ඔහුට ඉතුරුනොකොට ඔහුගේ වංශයේ සියල්ලන්ට පහරදුන්නේය. |
එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි.
තවද, ඔහු රජ වූ වහා ම ජෙරොබෝවම්ගේ මුළු වංශය නැසුවේ ය. විනාශ නොකර පණපිටින් කිසිවෙකු ඔහු ජෙරොබෝවම්ට ඉතිරි නොකෙළේ ය.
එහි ඇතුළු වී ජුදාහි රජ වන ආසාගේ විසිහත් වන අවුරුද්දේ දී ඔහුට පහර දී, ඔහු මරා ඔහු වෙනුවට රජ විය.
එබැවින් මම, බාෂා සහ ඔහුගේ වංශය සහමුලින් ම වනසාදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් වූ ජෙරොබෝවම්ගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි.
නුඹ මා කෝප කරවමින් ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වමින් කළ ක්‍රියාව නිසා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ආහබ්ගේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද වන්නට සලස්වන්නෙමි.
අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.
මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”
ඔබට හිංසා කිරීමෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මා වැළකු සේක. ඔබ කඩිනමින් මා සම්බ වන්නට නාවා නම්, නාබල්ට අයිති එක පිරිමියෙක් වත් හෙට එළි වන විට ඉතුරු නොවන්නේ යයි උන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”