ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 15:9 - Sinhala New Revised Version

ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ජෙරොබෝවම්ගේ විසි වන අවුරුද්දේ ආසා ජුදා දේශයෙහි රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ජෙරොබෝවම්ගේ විසි වන අවුරුද්දේ ආසා ජුදා දේශයෙහි රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිවෙනි අවුරුද්දේ ආසා යූදා කෙරෙහි රජවුණේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 15:9
5 හුවමාරු යොමු  

මොහු ජෙරුසලමෙහි සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.


අබියාම් මරණයට පත් වූ පසු සෙනඟ දාවිත්ගේ නුවර ඔහු භූමදාන කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ආසා ඔහු වෙනුවට රජ විය.


මෙසේ ජෙරොබෝවම්, අබියාගේ කාලයේ දී නැවත බලවත් නො වී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු මළේ ය.


මෙසේ අබියා මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත්‍ර වූ ආසා ඔහු වෙනුවට රජ විය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශයේ සාමය පැවතිණි.


ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.