ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස්, ජුදාහි රජ වූ ආසා වෙතින් පිටත යන්න හෝ ඔහු වෙත ඇතුළට එන්න හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස, රාමා නම් නගරය ශක්තිමත් කෙළේ ය.
1 රාජාවලිය 15:22 - Sinhala New Revised Version එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු ජුදාවරුන් කැඳවා, රාමා ශක්තිමත් කිරීමට බාෂා විසින් ගන්නා ලද ගල් හා ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, ඒවායින් බෙන්‍ජමින්ගේ දේශයෙහි ගෙබා හා මිශ්පා යන නගර ශක්තිමත් කෙළේ ය. Sinhala New Revised Version 2018 එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු ජුදාවරුන් කැඳවා, රාමා ශක්තිමත් කිරීමට බාෂා විසින් ගන්නා ලද ගල් හා ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, ඒවායින් බෙන්‍ජමින්ගේ දේශයෙහි ගෙබා හා මිශ්පා යන නගර ශක්තිමත් කෙළේ ය. Sinhala Revised Old Version එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු යූදාවරුන්ට අඬගස්වා, රාමා ගොඩනැගීමට බාෂා විසින් ගත් ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගන, එයින් බෙන්යමින්හි ගෙබාද මිශ්පාද ගොඩනැගුවේය. |
ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස්, ජුදාහි රජ වූ ආසා වෙතින් පිටත යන්න හෝ ඔහු වෙත ඇතුළට එන්න හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස, රාමා නම් නගරය ශක්තිමත් කෙළේ ය.
තවද, ඔහු ජුදාහි නගරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පු කරන ලද කඳු මත පූජාස්ථාන දූෂ්‍ය කෙළේ ය. දොරටු ළඟ තිබූ කඳු මත පූජාස්ථාන ද නුවර අධිපතියා වූ ජෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණ කඳු මත පූජාස්ථාන ද කඩා දැමී ය.
එවිට ආසා රජ සියලු ජුදාවරුන් කැඳවාගෙන ගොස්, බාෂා ගොඩනැඟුවා වූ රාමාහි ගල් ද ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබා ද මිශ්පා ද යන නගර ගොඩනැඟුවේ ය.
මම, අප ළඟට එන බබිලෝනිවරුන් ඉදිරිපිට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මිශ්පාහි වාසය කරමි. ඔබ මුද්‍රික පානය ද ඉදුණු පල ද තෙල් ද එකතු කොට ඔබේ භාජනවල තබා ඔබ ලබාගත් නගරවල වාසය කරන්නැ”යි කීවේ ය.
ජෙරමියා මිශ්පා නගරයේ සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා ළගට ගොස්, දේශයේ ඉතිරි ව සිටි සෙනඟ අතරේ ඔහු සමඟ වාසය කෙළේ ය.
ඉෂ්මායෙල් තමා විසින් මරන ලද මිනිසුන් හෙළාදැමූ වළ විශාල එකකි. එය ආසා රජු විසින් ඉශ්රායෙල්වරුන්ගේ රජු වූ බයෙෂාගෙන් ආරක්ෂා වන පිණිස සාදන ලද වළ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තමා මැරූ අයගේ මළකඳන්වලින් ඒ වළ පිරෙව්වේ ය.
උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය.
එවිට සාමුවෙල් කතා කොට, “මා ඔබ උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් මිශ්පා නගරයට රැස් කරන්නැ”යි කීවේ ය.