ඉන්පසු ජෙරොබෝවම්ගේ බිරිඳ පිටත් ව ගොස් තිර්ශා නම් නගරයට පැමිණියා ය. ඈ ගෙයි එළිපත්ත ළඟට එන විට ම ළමයා මළේ ය.
1 රාජාවලිය 15:21 - Sinhala New Revised Version බාෂා ඒ අසා රාමා නගරය ශක්තිමත් කිරීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේ ය. Sinhala New Revised Version 2018 බාෂා ඒ අසා රාමා නගරය ශක්තිමත් කිරීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේ ය. Sinhala Revised Old Version බාෂා ඒ අසා රාමා ගොඩනැගීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේය. |
ඉන්පසු ජෙරොබෝවම්ගේ බිරිඳ පිටත් ව ගොස් තිර්ශා නම් නගරයට පැමිණියා ය. ඈ ගෙයි එළිපත්ත ළඟට එන විට ම ළමයා මළේ ය.
ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස්, ජුදාහි රජ වූ ආසා වෙතින් පිටත යන්න හෝ ඔහු වෙත ඇතුළට එන්න හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස, රාමා නම් නගරය ශක්තිමත් කෙළේ ය.
ජුදාහි රජ වූ ආසාගේ තිස්එක් වන අවුරුද්දේ දී ඔම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම් කෙළේ ය.
මාගේ සොඳුරිය, ඔබ තිර්සා නගරය මෙන් අලංකාර ය. ජෙරුසලම මෙන් ශෝභන ය. කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න ව සිටින්නෙහි ය.