1 රාජාවලිය 14:17 - Sinhala New Revised Version ඉන්පසු ජෙරොබෝවම්ගේ බිරිඳ පිටත් ව ගොස් තිර්ශා නම් නගරයට පැමිණියා ය. ඈ ගෙයි එළිපත්ත ළඟට එන විට ම ළමයා මළේ ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ජෙරොබෝවම්ගේ බිරිඳ පිටත් ව ගොස් තිර්ශා නම් නගරයට පැමිණියා ය. ඈ ගෙයි එළිපත්ත ළඟට එන විට ම ළමයා මළේ ය. Sinhala Revised Old Version යෙරොබොවම්ගේ භාර්යාව පිටත්ව ගොස් තිර්ශාට පැමිණියාය. ඈ ගෙයි එළිපත්ත ළඟට ආ විට ළමයා මළේය. |
ජුදාහි ආසාගේ තුන් වන අවුරුද්දේ දී අහියාගේ පුත්‍ර වූ බාෂා තිර්ශාහි සියලු ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසිහතර අවුරුද්දක් රජකම් කෙළේ ය.
ජුදාහි රජ වන ආසාගේ විසිහත් වන අවුරුද්දේ දී සිම්රී තිර්ශාහි සත් දවසක් රජකම් කෙළේ ය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා කඳවුරු බැඳගෙන සිටියෝ ය.
ජුදාහි රජ වූ ආසාගේ තිස්එක් වන අවුරුද්දේ දී ඔම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම් කෙළේ ය.
එවිට ගාදීගේ පුත් මෙනහෙම් තිර්ශා සිට පිටත් වී සමාරියට අවුත් ජාබෙශ්ගේ පුත් ෂල්ලුම්ට සමාරියේ දී පහර දී ඔහු මරා, ඔහු වෙනුවට රජ විය.
මාගේ සොඳුරිය, ඔබ තිර්සා නගරය මෙන් අලංකාර ය. ජෙරුසලම මෙන් ශෝභන ය. කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න ව සිටින්නෙහි ය.