එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත.
1 රාජාවලිය 13:29 - Sinhala New Revised Version ඒ මහලු දිවැසිවරයා ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, සිය නගරයට ගෙන ගොස්, Sinhala New Revised Version 2018 ඒ මහලු දිවැසිවරයා ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, සිය නගරයට ගෙන ගොස්, Sinhala Revised Old Version ඒ මහලු අනාගතවක්තෘද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, තමාගේ නුවරට ගෙනගොස්, |
එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත.
රජ ද කතා කරමින්, “සොහොනට කිසිවක් නොකරන්න. කිසිවෙක් ඔහුගේ ඇටකටුවලට අත නොගසන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ඔහුගේ ඇටකටු ද සමාරියෙන් පැමිණි දිවැසිවරයාගේ ඇටකටු ද එලෙස ම තිබෙන්නට හැරියෝ ය.