එහෙත්, අබ්සලොම් ඉශ්රායෙල් ගෝත්‍රයන් අතරෙහි ඔත්තුකාරයන් යවා, “ඔබට හොරණෑ ශබ්දය ඇසුණ කෙණෙහි ම, ‘අබ්සලොම් හෙබ්‍රොන්හි රජ වී සිටී ය’යි කියන්නැ”යි දන්වන්නට කී ය.
1 රාජාවලිය 1:18 - Sinhala New Revised Version එහෙත්, දැන් අදොනියා කුමරු රජ වී සිටියි. මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබ එය නොදන්නෙහි ය. Sinhala New Revised Version 2018 එහෙත්, දැන් අදොනියා කුමරු රජ වී සිටියි. මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබ එය නොදන්නෙහි ය. Sinhala Revised Old Version එහෙත් දැන් අදොනියා රජව සිටියි. මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ එය නොදන්නෙහිය. |
එහෙත්, අබ්සලොම් ඉශ්රායෙල් ගෝත්‍රයන් අතරෙහි ඔත්තුකාරයන් යවා, “ඔබට හොරණෑ ශබ්දය ඇසුණ කෙණෙහි ම, ‘අබ්සලොම් හෙබ්‍රොන්හි රජ වී සිටී ය’යි කියන්නැ”යි දන්වන්නට කී ය.
එවිට නාතාන් සලමොන්ගේ මව වන බැත්-ෂෙබාට කතා කොට, “අපේ ස්වාමීන් වන දාවිත් රජ නොදැනුවත් ව හග්ගිත්ගේ පුත් අදොනියා රජ වී සිටින බව ඔබට සැළ නොවී ද?
ඈ එතුමාට පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසී හට ඔබ දිවුරමින්, ‘සැබැවින් ම ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගන්නේ ය’යි කීවෙහි ය.
තවද, ඔහු හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද පූජක අබියාතර් ද සේනාපති ජෝවාබ් ද කැඳෙව්වේ ය. එහෙත්, ඔහු ඔබ සේවකයා වන සලමොන් කැඳෙව්වේ නැත.
නාතාන් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ‘අදොනියා කුමරු මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගත යුතු ය’යි ඔබ කීවෙහි ද?
මාගේ ස්වාමීන් වන රජතුමාට පසු ඔබ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් ද කියා ඔබේ මෙහෙකරුවන්ට නොදන්වා ඔබ මේ දේ කෙළෙහි දැ”යි ඇසුවේ ය.
එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පණස්දෙනෙකු ද සපයාගත්තේ ය.
“දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.