1 යොහන් 3:18 - Sinhala New Revised Version මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය. සිංහල කාලීන පරිවර්තනය ප්‍රිය දරුවනි, වචනයෙන් හා කතාවෙන් නො ව ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරමු. Sinhala New Revised Version 2018 මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය. Sinhala Revised Old Version මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු. |
එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.
“ඔබගෙන් ඒ වරය ලබන්න ඔහු සුදුස්සෙකි, ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි; තවද අපේ ධර්මශාලාව තනා දුන්නේත් ඔහු ය” කියා, උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලා සිටියහ.
සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න.
එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු.
අපගේ දෙවි පියාණන් ඉදිරියෙහි, ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ල ද, සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමය ද, ඉවසීමෙන් හෙළි වන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ ඔබේ බලාපොරොත්තුව ද අපි සිහි කරමු.
ඔබ සත්‍යයට කීකරු වීමෙන්, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න.
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා මා ඔබට ලියා එවන්නේ, ඔබ පව් නොකරන පිණිස ය. එහෙත් යමෙකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප වෙනුවෙන් පියාණන් වහන්සේ වෙත සිටින සේක.
මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ මුළා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටින්නාක් මෙන්, දමිටුකම් කරන්නා දමිටු ව සිටියි.
සභා මූලිකයෙකු වන මම, මා සැබෑ ලෙස ප්‍රේම කරන දෙවියන් වහන්සේ තෝරාගත් මාතාවත් ඇගේ දරුවනුත් වෙත මෙය ලියා එවමි. මා පමණක් නොව, සත්‍යය දන්නා සැම දෙන ම ඔබට ප්‍රේම කරති.