1 පේත්‍රැස් 2:18 - Sinhala New Revised Version සේවකයෙනි, යහපත්, කාරුණික ස්වාමිවරුන්ට පමණක් නොව ඔබගේ සැර පරුෂ ස්වාමිවරුන්ටත් ගෞරව කරමින් යටත් වෙන්න. සිංහල කාලීන පරිවර්තනය දාසයිනි, ඔබගේ ගුණ යහපත් හා මෘදු හාම්පුතුනට පමණක් නො ව අසාධාරණ අයටත් සියලු ගරුත්වයෙන් යුතුව යටත් වන්න. Sinhala New Revised Version 2018 සේවකයෙනි, යහපත්, කාරුණික ස්වාමිවරුන්ට පමණක් නොව ඔබගේ සැර පරුෂ ස්වාමිවරුන්ටත් ගෞරව කරමින් යටත් වෙන්න. Sinhala Revised Old Version වැඩකාරයෙනි, යහපත්වූ සෞම්‍යවූ ස්වාමිවරුන්ට පමණක් නොව නුඹලාගේ රළුවූ ස්වාමිවරුන්ටත් සියලු ආකාර භයින් යටත්වෙන්න. |
දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි; එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි.
දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.
ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.
එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම,
එසේ ම කිසිවෙකු ගැන අගුණ නොකියන්නට ද කලහකාරී නොවී, සියලු මනුෂ්‍යයන් කෙරෙහි හැම අයුරින් කාරුණික ව, ආචාරශීලී ව සිටීමට ද මතක් කරන්න.
එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී.