සමිඳාණන් වහන්සේ සිය අභිප්‍රායයන් ඉටු කර සම්පූර්ණ කරන තුරු උන් වහන්සේගේ කෝපය නොනිවෙන්නේ ය. මතු කාලයේ දී උන් වහන්සේගේ සෙනඟ එය මැනවින් තේරුම්ගනු ඇතැ”යි ඔහු කීවේ ය.
1 තෙසලෝනික 5:2 - Sinhala New Revised Version මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද ස්වාමින්වහන්සේගේ දවස රැයෙහි එන සොරෙකු මෙන් අනපේක්ෂිතව පැමිණෙන බැව් ඔබ හොඳ හැටි දන්නා නිසා ය. Sinhala New Revised Version 2018 මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය. Sinhala Revised Old Version මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය. |
සමිඳාණන් වහන්සේ සිය අභිප්‍රායයන් ඉටු කර සම්පූර්ණ කරන තුරු උන් වහන්සේගේ කෝපය නොනිවෙන්නේ ය. මතු කාලයේ දී උන් වහන්සේගේ සෙනඟ එය මැනවින් තේරුම්ගනු ඇතැ”යි ඔහු කීවේ ය.
“ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.
අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක.
එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත.
සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.
එවිට ජෝෂුවා මුළු යුද්ධ සේනාව සමඟ මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ සිටි ඔවුන්ට විරුද්ධ ව හදිස්සියේ අවුත් ඔවුන් මැදට කඩා පැන්නේ ය.
එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය.
“මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.”
එබැවින්, ඔබ අසා පිළිගත් වචනය සිහි කර, ඊට කීකරු වී, පසුතැවී සිත හරවා ගන්න. ඔබ අවදි ව නොසිටින්නහු නම්, සොරෙකු මෙන් ඔබ වෙත එන්නෙමි. මා ඔබ වෙත පැමිණෙන වේලාව ඔබ නොදන්නහු ය.