ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.
1 තිමෝති 4:16 - Sinhala New Revised Version ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් සැලකිලිමත් වන්න. මේ දේවල නිරත ව සිටින්න. ඔබ මෙසේ කිරීමෙන් ඔබ ද ඔබට සවන් දෙන්නන් ද ගළවා ගන්නෙහි ය. සිංහල කාලීන පරිවර්තනය ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරික්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත. Sinhala New Revised Version 2018 ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් සැලකිලිමත් වන්න. මේ දේවල නිරත ව සිටින්න. ඔබ මෙසේ කිරීමෙන් ඔබ ද ඔබට සවන් දෙන්නන් ද ගළවා ගන්නෙහි ය. Sinhala Revised Old Version නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම්වෙන්න. ඒවායේ පවතින්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය. |
ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.
“ඔබ හැම කරන්නේ කුමක් ද කියා වග බලාගන්න. මන්ද, ඔබ විනිශ්චය කරන්නේ, මනුෂ්‍යයා උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා ය. විනිශ්චයයේ දී උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.
මා නුඹට කී සියල්ලට නුඹේ අවධානය යොමු කළ යුතු ය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින් වත් පිට නොකළ යුතු ය.”
එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.”
ඔව්හු මාගේ උවදෙස් දැන සිටියෝ නම්, මාගේ පණිවුඩය මාගේ සෙනඟට ප්‍රකාශ කර, ඔවුන්ගේ නපුරු ගතිපැවතුම්වලින් ඔවුන් හරවන්නට ඔවුන්ට ඉඩ තිබිණි.
“එහෙත් පරෙස්සම් වන්න. ඔවුන් උසාවිවලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලාවලට ගෙනවුත් ඔබට තළනු ඇත. ඔබ මා නිසා, ආණ්ඩුකාරයන් ද රජුන් ද අබිමුවෙහි, ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත.
“ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.
එසේ වුව ද දේව වරප්‍රසාදයෙන් අද දක්වා ලොකු කුඩා කාටත් සාක්ෂි දෙමින් මම මෙහි සිටිමි. මා කියන්නේත් අනාගතයේ දී සිදුවනු ඇතැ යි දිවැසිවරුන් හා මෝසෙස් කී දේ ම ය.
එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය.
සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න.
නොපසුබස්නා වීර්යයෙන් යහපත කරමින් කීර්තිය ද ගෞරවය ද අමරණීයත්වය ද සොයන්නන්ට උන් වහන්සේ සදාතන ජීවනය දෙන සේක.
මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.
දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි.
මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.
විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ.
මා මසිදෝනියට යන විට ඔබට අවවාද කළ පරිදි ඔබ එපීසයේ නැවතී සිටින්න. මා එසේ කියන්නේ වැරදි ධර්ම ඉගැන්වීමෙන් ද,
මේවා සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙහි නම්, ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හොඳ සේවකයෙක් වන්නෙහි ය. එවිට ඔබ අනුගමනය කරන ඇදහිල්ලේ වචන ද සම්‍යක් ධර්මය ද ඉගැන්වීමෙන් පෝෂණය වන්නේ ය.
එබැවින් තෝරා ගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්, ඒ සමඟ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි.
දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න.
තවද, ඔහු ධර්මානුකූල ව අනුශාසනා කරන්නට ද, විරුද්ධවාදීන් නිහඬ කරන්නට ද සමත් වන පිණිස, ධර්මානුකූල ඇදහිල්ලෙහි ස්ථිර ව පිහිටා සිටින තැනැත්තෙකු ද විය යුතු ය.
සම්පූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න, අනුශාසනා කරන්න, තරවටු කරන්න, ඔබ සුළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
සියල්ලෙහි දී ඔබ ම යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් වන්න. ඔබ උගන්වන විට අවංක ව ප්‍රතිපත්තිගරුක ව සිටින්න.
පාවුලු නම් මම මාගේ අතින් ම මෙසේ ලියා සහතික කරමි. ඒ ණය මම ගෙවමි. එසේ ලියන අතර, ඔබේ ජීවිතය ගැන ඔබ මට ණයගැති ව සිටින බව මතක් කළාට වරදක් නැත.
කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,
නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුළා නොවන්න. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය.
නොමඟ ගිය පව්කරුවෙකු යළි සත්‍යයට හරවන තැනැත්තේ ප්‍රාණයක් මරණයෙන් මුදා, පව් රාශියක් මකා හරින බව දැනගනී වා.