ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 තිමෝති 2:13 - Sinhala New Revised Version

මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මන්ද මුලින්ම නිම වන ලද්දේ ආදම් ය; ඒව, ඉන්පසුව ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද පළමුකොට ආදම්ද පසුව ඒවද සාදනු ලැබීය;

පරිච්ඡේදය බලන්න



1 තිමෝති 2:13
7 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක.


පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක.


උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක.


දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.


උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.”


මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි.