1 කොරින්ති 9:4 - Sinhala New Revised Version කන්නත් බොන්නත් අපට අවසර නැද් ද? සිංහල කාලීන පරිවර්තනය කෑමට හා බීමට අපට අවසර නැද්ද? Sinhala New Revised Version 2018 කන්නත් බොන්නත් අපට අවසර නැද් ද? Sinhala Revised Old Version කන්ටත් බොන්ටත් අපට අවසර නැද්ද? |
ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය.
ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙහෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න.
මන්ද, සහෝදරවරුනි, අපි කෙතරම් වීර්යයෙන් හා වෙහෙස මහන්සියෙන් සේවය කළෙමු දැ යි ඔබට මතක ඇත. අපි ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස දිවා රෑ දෙක්හි රැකියාවක යෙදෙමින් දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට දේශනා කළෙමු.