පාවුලු, තමා සමඟ ඔහු කැඳවාගෙන යන්නට අදහස් කර, ඒ පළාත්වල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මඡේදනය කෙළේ ය. මන්ද, ඔහුගේ පියා ග්‍රීකයෙකු බව සියල්ලන් දැන සිටි හෙයිනි.
1 කොරින්ති 9:20 - Sinhala New Revised Version ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්‍යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවට යටත් නොවූ මම, ව්‍යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි. සිංහල කාලීන පරිවර්තනය යුදෙව්වන් දිනා ගන්නා පිණිස, යුදෙව්වන් අතර මම යුදෙව්වකු මෙන් වීමි. මා දහම් නීතිය යටතේ සිටින්නකු නො වූව ද, දහම් නීතිය යටතේ සිටින්නන් දිනා ගන්නා පිණිස, දහම් නීතිය යටතේ සිටින්නන් අතර මම දහම් නීතිය යටතේ සිටින කෙනකු මෙන් වීමි. Sinhala New Revised Version 2018 ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්‍යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවට යටත් නොවූ මම, ව්‍යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි. Sinhala Revised Old Version යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි. |
පාවුලු, තමා සමඟ ඔහු කැඳවාගෙන යන්නට අදහස් කර, ඒ පළාත්වල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මඡේදනය කෙළේ ය. මන්ද, ඔහුගේ පියා ග්‍රීකයෙකු බව සියල්ලන් දැන සිටි හෙයිනි.
පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.
එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය.
ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය.
ඇරත් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස මම ව්‍යවස්ථාවට කීකරු වන අතර ව්‍යවස්ථාව මළ දෙයක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කෙළෙමි.
ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න.
එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය.
එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය.