ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 5:6 - Sinhala New Revised Version

ඔබගේ පාරට්ටුව නොහොබී. මුහුන් බිඳකින් මුළු පිටි පිඬක් පිපෙන බව ඔබ නොදන්නහු ද?

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔබේ පුරසාරම හොඳ නැත. මුහුන් ඇබින්දකින් මුළු පිටි පිඩ පිපෙන බව ඔබ දන්නේ නැති ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබගේ පාරට්ටුව නොහොබී. මුහුන් බිඳකින් මුළු පිටි පිඬක් පිපෙන බව ඔබ නොදන්නහු ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලාගේ පාරට්ටුකරගැනීම හොඳ නැත. මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙන බව නොදනිවුද?

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 5:6
12 හුවමාරු යොමු  

ඔව්හු සියල්ලෝ ම කාමමිථ්‍යාචාරය කරන්නෝ ය. ඔව්හු වනාහි පාන් පුළුස්සන්නා රත් කළ, ඇනූ පිටි පිපෙන තුරු ගිනියම් වෙමින් පවතින ගිනි උදුනට සමාන ය.


උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, “ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක.


ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් මුළුමනින් ම පිපෙනතෙක් එහි දමන ලද මුහුන් පිඬකට එය සමාන ය”යි වදාළ සේක.


ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ.


මුළා නොවන්න, “නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසේ.”


එහෙයින් කිසිවෙක් යම් යම් පුද්ගලයන් ගැන පාරට්ටු කර නොගනිත් වා. මන්ද, සියල්ලෝ ම ඔබගේ ය.


එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකි ද? නැත, ඒ ගැන ඔබ දුක් විය යුතු ය. ඔහු ඔබ වෙතින් නෙරපා දැමිය යුතු ය.


මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපේ.


ඔවුන්ගේ ඒ ඉගැන්වීම් පිළිකාවක් මෙන් ඔඩු දුවන්නේ ය. හිමෙනියස් ද පිලේතස් ද එවැනි අය වෙත්.


එහෙත් දැන් ඔබ පුරසාරම් දොඩමින් අහංකාරයෙන් පාරට්ටු කරගන්නහු ය. එවැනි සියලු පුරසාරම් දෙඩීම් නපුරු ය.