සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.
1 කොරින්ති 2:3 - Sinhala New Revised Version මම දුර්වලකමින් ද බියෙන් ද අධික තැතිගැනීමෙන් ද ඔබ සමඟ සිටියෙමි. සිංහල කාලීන පරිවර්තනය මා ඔබ සමඟ සිටියේ දුබලතාවෙන්, බයින් හා අධික තැති ගැන්මෙන් යුතුව ය. Sinhala New Revised Version 2018 මම දුර්වලකමින් ද බියෙන් ද අධික තැතිගැනීමෙන් ද ඔබ සමඟ සිටියෙමි. Sinhala Revised Old Version මම දුර්වලකමින්ද භයින්ද බොහෝ වෙවුලුමෙන්ද නුඹලා සමඟ සිටියෙමි. |
සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.
ඔවුහු අම්පිපොලිසිය සහ අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආහ. එහි ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවක් තිබුණි.
එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්,
එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය.
ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.
‘ඔහුගේ ලියුම් හරබර ය. වේගවත් ය. එහෙත් ඔහු අප ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත, කතාවෙහි දක්ෂකමක් නැතැ’යි කෙනෙකු කියනු ඇත.
උන් වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් ජීවත්වන සේක. එසේ ම අපි ද උන් වහන්සේගේ දුර්වලකමට පංගුකාරයන් ව සිටින නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් උන් වහන්සේ සමඟ ඔබ උදෙසා ජීවත් වන්නෙමු.
අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු.
එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු.
එසේ නොව, දුක් පීඩා ද අගහිඟකම් ද විපත්ති ද මහත් ඉවසීමකින් විඳදරා, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තුගන්වමු. අපි බොහෝ දේ විඳදරාගත්තෙමු.
ඔබ සියල්ලන්ගේ කීකරුකමත් බියෙන් හා තැතිගැන්මෙන් යුතු ව ඔබ ඔහු පිළිගත්සැටිත් සිහි කරන විට ඔහුගේ සිත ඔබ වෙත ඉමහත් ප්‍රේමයෙන් ඇදී යයි.
මසිදෝනියාවට සැපත් වූ විට පවා අපට කිසි සැනසිල්ලක් නො වී ය. හැම අතින් ම අපට කරදර ඇති විය. අප අවට කලකෝලාහල ද, අප සිත තුළ බියසැක ද තිබිණි.
දාසයෙනි, ඔබ ක්‍රිස්තුන් වහන්සේට මෙන්, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න.